ජනපතිගේ ආර්ථික වැඩපිළිවෙළින් මහ භාණ්ඩාගාරයේ ඩොලර් සංචිතය බිලියන 5.6ට වැඩි වුණා -එජාප තරුණ වෘත්තීයවේදී සංගමයේ ජාතික සංවිධායක

ඊයේ (28දා) එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ ජාතික සංවිධායක හා දේශකයන්ගේ සංගමයේ සාමාජික කෝසල ජී. මුණසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගන්නා විට මහ භාණ්ඩාගාරය සතුව ඇමරිකන් ඩොලර් මිලියන 20ක් පැවැති බවත් දැන් එය ඇමරිකන් ඩොලර් බිලියන පහයි දශම හයක් (5.6) දක්වා වැඩිකර ගැනීමට ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙළ හරහා හැකිවී ඇති බවත්පැවසීය.