නීතිපති පත් කිරීමේදී ජ්‍යෙෂ්ඨත්වය මතම සිදු කළ යුතු නැති බව ජනාධිපති ලේකම් නීතිඥ සංගමයට පිළිතුරු දෙමින් පවසයි

ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපති ධුරය සඳහා පත්කිරීමේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බවද, මින් පෙර එවැන්නක් සිදුවී නොමැති බවද, ජ්‍යෙෂ්ඨත්වය මත නීතිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙන්වා දී ඇත.

 මෙම ලිපිය මගින් නීතිපති ධුරය සඳහා වෙනත් සුදුසුකම්ලාභීන් සිටියදී එක් පුද්ගලයෙකු වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙනී නොසිටිය යුතු බව ද වැඩිදුරටත් සඳහන් කර තිබේ.