මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්ය වෙයි

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට පනවා ඇති කොන්දේසි හත තුළ මෙය සඳහන්ය.

පාරිභෝගිකයාගේ ඉල්ලීම අනුව අකුරු නොමැකී යන ආකාරයේ කල් තබා ගත හැකි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජික ඩග්ලස් නානායක්කාර මහතා පවසන ලදි.

විදුලි බිල වත්කමක් බව ච  දරුවන් පාසලට ඇතුළත් කර ගැනීම, පදිංචිය තහවුරු කිරීම වැනි දෑ සඳහා මුද්‍රිත විදුලි බිල්පත් අවශ්‍ය බැවින් මහජනතාවගේ ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කරන ලදි.