විකල්පය කියන පක්ෂයට අයි.එම්.එෆ් යන්න ගුවන් ටිකට් නොමිලේ- ජනපති පවසයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  රට ගොඩ නගන්නට දැනට යන මාර්ගය හැර වෙනත් විකල්පයක් තිබේ යැයි යම් පක්ෂයක් කියනවා නම් මූල්‍ය අරමුදලට ගොස් ඒ විකල්පය ගැන සාකච්ඡා කරන්නට ඔවුන්ට ගුවන් ටිකට් පත් සහ නවාතැන්  ආණ්ඩුවේ වියදමින් ලබාදෙන බව පැවසන ලදි.

එසේ එම පක්ෂ ඉදිරිපත් කරන විකල්ප හොඳ නම් ඒවා පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර සාකච්ඡා  කරමු යැයි ජනාධිපතිවරයා  පැවසීය .

මින් මතුවට  පැරණි දේශපාලනයේ නිරත වෙන්නට නොහැකි බව කී ජනාධිපතිවරයා  අප අද ගන්නා තීරණ අනාගතයට බලපාන බව ප්‍රකාශ කරන ලදි.