පොදු ගමනාගමන සේවා   අත්‍යවශ්‍ය සේවා  යටතට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  විසින් මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහාවූ පොදු ගමනාගමන සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබේ.

මෙම සේවා මෙන්ම මෙකීසේවා සඳහා අවශ්‍ය මංමාවත් ,පාලම් බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළු මංමාවත් මෙන්ම දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් ඊයේ( 29)දිනෙන් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

මෙම ගැසට් නිවේදන‍ෙයන් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්,දෙපාර්තමේන්තුවකින්,පළාත් පාලන ආයතනයකින්,සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන මෙකී සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර තිබේ.