පොල් වගාවේ සුදුමැස්සා පාලනයට කඩිනම් පියවරක්

වර්තමානය වනවිට පොල් හා තැඹිළි වගාව තුළ ව්‍යාප්තවෙමින් පවතින සුදුමැස්සා, පොල් කුරුමිණියා හා රතු කුරුමිණියා නැමැති කෘමි උවදුර පාලනය සඳහා මාසයක කාලයක් තුළ කඩිනම් ඒකාබද්ධ පළිබෝධ පාලන වැඩසටහනක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල නිලධාරින්ට (11) උපදෙස් සැපයින.

 අමාත්‍යවරයා (11) පස්වරුවේ පාර්ලිමේන්තු කමිටු අංක 02 ශාලාවේ දී පැවැති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට සහභාගි වෙමින් මෙම අදහස් පළ කරන ලදි.