අරගලය ඉල්ලූ  වෙනසට මුල පුරන, එජාප සම්මේලනය කොළඹ දී

0

අරගලය ඉල්ලූ  වෙනසට මුල පුරන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ලබන සෙනසුරාදා (21)පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

රට යන “සිස්ටම් එක”වෙනස් කළ යුතු යැයි අරගලය එදා පුන පුනා පැවසූ බව කී රංගේ බණ්ඩාර මහතා ඒ වෙනස කළ යුත්තේ රටේ පාලන බලය හොබවන දේශපාලන පක්ෂය විසින් බවද සඳහන් කළේය.

එජාප විශේෂ මහා සම්මේලනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානයේදී අද (15) මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂය එම “සිස්ටම් චේන්ජ්” එක කරන්නට සූදානම් බව කී එජාප මහලේකම්වරයා රට ඉදිරියට ගෙන යද්දී ඊට ගැලපෙන ලෙස  පක්ෂයට නව ව්‍යවස්ථාවක් මෙම සම්මේලනයේ දී හඳුන්වා දෙන බවද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *