සහල් නිෂ්පාදනය, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ උපකරණ සමාජ ආරක්ෂන බද්දෙන් නිදහස්

0

රජය ජනතාවට පොරොන්දු වූ ආකාරයෙන් ම රාජ්‍ය ආදායම ඉහළ යන විට බදු බර අඩු කිරීමට කටයුතු කරමින් සිටින බවත් සමාජ ආරක්ෂණ බද්දෙන් ඇතැම් භාණ්ඩ නිදහස් කිරීමට ඊට කදිම නිදහසුනක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ උපකරණ, සහල් නිෂ්පාදනය, ප්‍රති අපනයනය සදහා යොදා ගන්නා ඔප දැමිය හැකි මැණික්, තීරු බදු රහිත සාප්පුවල අලෙවි කරන වෙනත් බදුවලින් නිදහස් භාණ්ඩ, බලපත්‍ර යටතේ විදුලිය බෙදා හරින ආයතන සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කරන බවයි. සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

සියඹලාපිටිය මහතා මෙහි දී සඳහන් කළේ සමාජ ආරක්ෂණ බද්ද අපේක්ෂිත ආදායම් ඉලක්ක ඉක්මවා යාමට සමත්ව ඇති බවත් ඊට හේතුව මෙම බද්දේ ඇති සරල බව බවත් ය. ජූලි මාසය වන විට රුපියල් මිලියන 459,929ක ආදායමක් මෙම බද්දෙන් අපේක්ෂා කළ ද එම ඉලක්ක අබිබවා යමින් බදු ආදායම රුපියල් මිලියන 480,173ක් ලෙස සටහන් වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය ආදායම ඉහළ යන විට බදු බරින් ජනතාව නිදහස් කරන බවට රජය දුන් ප්‍රතිඥාව ඉටු කරමින් වඩාත්ම පීඩාවට පත්ව ඇති පිරිස් ඉන් මුදා ගැනීමේ අරමුණෙන් මෙම නව සංශෝධන සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *