ජනාධිපතිවරණය 2024 -රනිල් එන්නේ ස්වාධීන ලකුණකින් – එ.ජා.ප උපනායක අකිල විරාජ් පවසයි

එක්සත් ජාතික පක්ෂයේ උපනායක හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා  (16දා)එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස අලුත් ලකුණකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව පැවසීය.

දැන්ි රටේ පවතින්නේ දේශපාලන ප්‍රශ්නයක් නොව ආර්ථික ප්‍රශ්නයක් බවද දේශපාලන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ඇතැම් අයට හැකියාව ලැබුණත් ආර්ථික ප්‍රශ්නවලට විසඳුම්දීමට රටේ සිටින එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවද ඔහු පැවසීය.

අස්ථාවරව තිබූ රට යම් මට්ටමකට ගොඩගෙන ඉදිරියට ගෙනයෑමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවද ජනතාව එය තේරුම් ගෙන ජනාධිපතිවරයා නැවත ජනාධිපති ධුරයට පත්කර ගැනීමට වගබලාගත යුතු බවද පැවසූ ඒ මහතා ජනතාව වැරදි තීරණයක් ගෙන රට නැවත ආර්ථිකමය වශයෙන් කඩා වැටුණහොත් පසුතැවී පලක් නැතැයි ද පැවසීය .