අත්හිටුවා තිබූ ව්‍යාපෘති ජපන් ආධාර යටතේ නැවත ඇරඹීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි

පළාත් පාලන හා අනිත් ක්ෂේත්‍රවල අත්හිටුවා තිබූ ව්‍යාපෘති ජපන් ආධාර යටතේ නැවත ඇරඹීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශකරන ලදි.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක විශිෂ්ට කාර්යසාධනයක් අත්කරගත් පළාත් පාලන ආයතන ඇගයීමේ ජාතික ස්වර්ණ පුරවර ජාතික සම්මාන ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.

අගමැතිවරයා ඊට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

පළාත් පාලන ආයතනවල කාර්යසාධනය ඉහළ නැංවීමේ අභිලාෂයෙන්‘කාර්යසාධනය ඉහළ නැංවීමේ හා තහවුරු කිරීමේ මෙවලම’ ආශ්‍රයෙන් සිදු කරන ලද ඇගයීමේ ප්‍රතිඵල අනුව මෙම සම්මාන ප්‍රදානය කෙරිණ.