දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට නම් ශ්‍රී ලංකාවේ දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ නිල එකඟතාවන්ට පැමිණිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනවල පිළිගත් ක්‍රමවේදය බවයි.

අදාළ එකඟතාවන්ට පැමිණීමෙන් පසු අදාළ ආයතන ශ්‍රී ලංකාව පිළිබඳ ඔවුන්ගේ නිල ස්ථාවරය ප්‍රකාශ කරනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.