මෙරට පුනර්ජනනීය බල ශක්තිය මිල දී ගැනීමේ ගාස්තු සංශෝධනයට

මෙරට සම්මත විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම යටතේ පුනර්ජනනීය බල ශක්තිය මිල දී ගැනීමේ ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත සහ එකී පනතට පසුව සිදු කරන ලද සංශෝධන අනුව මෙගාවොට් 10 හෝ ඊට අඩු ධාරිතාවයකින් යුත් පුනර්ජනනීය බල ශක්තිය ව්‍යාපෘති වලට අදාලව තාක්ෂණය මුල් කරගත්, පිරිවැය පරාවර්ථක අවශෝෂක ගාස්තු (Feed In Tariff) ක්‍රමවේදයක් යටතේ සම්මත විදුලිය මිල දී ගැනීමේ ගිවිසුමකට එළඹිය යුතු වන බව රජය ප්‍රකාශකරයි.

 ඒ අනුව පුනර්ජනනීය බල ශක්තිය මිල දී ගැනීමේ විචල්‍ය ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස 2023-03-13 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත්, සංවර්ධකයින් කිහිප දෙනකු පමණක් ඒ සඳහා ගිවිසුම අත්සන් තැබීමට පියවර ගෙන තිබේ.