“රාජකීය ඉතිහාසය’’ ජනපති සුරතට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  වෙත කොළඹ රාජකීය විද්‍යාලයීය සඟරාව රීඩ් මාවතේ සියවස් සැමරුම(The Royal College Magazine “Celebrating 100 Years at Reid Avenue)  පළමු පිටපත පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

සඟරාවේ කර්තෘ චතිල් එස්. ධර්මවර්ධන සිසුවා විසින් එය ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ.

එම අවස්ථාවට විදුහල්පති තිලක් වත්තුහේවා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පති එල්.ඩබ්.කේ. සිල්වා, සහකාර විදුහල්පති එම්.ඒ.එම්.රියාස්, රාජකීය විද්‍යාලයීය සංගමයේ ලේකම් අරුණ සමරජීව, පාසල් සංවර්ධන සමිතියේ ලේකම් ඩබ්.වී.එන්.බී.වේරගොඩ, ප්‍රධාන ශිෂ්‍ය නායක ඩබ්.ඒ.එස්.එස්.වනසිංහ  ඇතුඵ පිරිසක් සහභාගී වූහ.