ශ්‍රී ලාංකීය ගැමි කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා රු.මිලියන 2000ක්

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් ග්‍රාමීය අංශයේ කුඩා ව්‍යාපාරවල නිරත වන කාන්තාවන්ගේ ව්‍යවසායකත්ව හැකියාව නංවාලීම සඳහා සහන පදනම යටතේ ණය මුදලක් ලබා දීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බවද , ඒ අනුව මෙම වසරේ දී ඒ සඳහා රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කරන ලද බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන ලදි.

මෙම අදහස් අමාත්‍යවරයා පළ කරන ලද්දේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන සතිය ආරම්භ කරමින් පළමු ගම්මානය ලෙස හඟුරන්කෙත ගලඋඩගල ගම්මානයේ ගොවි පවුල්වලට ප්‍රතිලාභ  ලබා දීම සඳහා පැවැති උත්සවයට සහභාගි වෙමිනි.