රුපියල නැවතත් හිස ඔසවයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද (04) ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල පෙර දිනට සාපේක්ෂව සුළු වශයෙන් ශක්තිමත් වී තිබේ.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 299.87 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 314.98 ලෙසත් සටහන් විය.