පොදු පෙර­මුණ ඇතුළු පක්ෂ කිහිප­යක සහාය ඇතිව ජන­පති රනිල් පොදු අපේ­ක්ෂ­ක­යකු ලෙස මෙවර ජන­ප­ති­ව­ර­ණ­යට එන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජ­ය­ව­ර්ධන හේනේ­ග­මදී පවසයි

රට විශාල පරි­හා­නි­ය­කට පත්ව සිටි අව­ස්ථා­වක රට ගොඩ­ගැ­නීමේ අභි­යෝ­ගය තම දෑතට ගත් වත්මන් ජනා­ධි­ප­ති­ව­රයා මෙවර පොදු අපේ­ක්ෂ­ක­යකු ලෙස ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන අතර පොදු පෙර­මුණ ඇතුළු පක්ෂ කිහිප­යක් එතු­මාට සහාය දීමට සූදා­නම්ව සිටින බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජ­ය­ව­ර්ධන මහතා කිරි­ඳි­වැල, හේනේ­ගම, ඌරු­වල මැති­ව­රණ මෙහෙ­යුම් කාර්යා­ලය විවෘත කිරී­මට පැමිණි අව­ස්ථා­වේදී පවසන ලදි.