සජිත්ට බස් එක මිස් වෙන්න ඉඩ තිබේ.

0

රාජ්‍ය පාලනය බස් රථ රියදුරු මහත්මයකුටත් ආර්ථිකය හැසිරවීම කොන්දොස්තර මහතකුටත් දුන්නා නම් වැඩේ හරිය රට ගොඩේ ගොඩය. සජබයේ ආර්ථික ඔස්තාර් හර්ෂ ඩි සිල්වාගේ කුඩා මොළය දැන් වැඩකරන්නේ ඒ නියායෙන්ය.

හර්ෂට අනුව සජිත් ප්‍රේමදාස බස් රථය පදවනවා සේ මේ රට නැමැති බස් එක ප්‍රපාත වල නොවැටී අරන් යන්න පුළුවන. එහෙත් දැන් බස් ඒක ඇත්තේ මහා ප්‍රපාතයකය. රටම දඟලන්නේ එතැනින් බස් එක ගොඩ ගන්නය. බස් එක ප්‍රපාතයකට නොවැටී අරන් යන්න කලින් බස් එක තියෙන්නේ කොහෙදැයිවත් බැලිය යුතු බවට මේ අයට අවබෝධයක් නැත. හර්ශලාගේ සජිත්ලාගේ දේශපාලන ආර්ථික දැනුම තියෙන්නේ එවැනි තැනකය. එහෙම විපක්ෂයක් රටේ බලය ඉල්ලනකොට හිතන්න බොහෝ කාරනා තිබේ. ආර්ථික විද්‍යා ඔස්තාර් ලෙස පෙනී සිටින හර්ශලාගෙන් මෙහෙම ගොන් කතා අසන්නට වී ඇත්තේ මෙවැනි ගොන් කතා වලට විසිල් ගසා ඔල්වරසන් දෙන පාක්ෂිකයන් පිරිසක් සිටින නිසාද නැතිනම් රටේ පුරවැසි ජනතාව ඒ තැනට වැටී ඇති නිසාද කියා කල්පනා කළ යුතුය. එහෙත් වරතමානයේ රටේ බහුතර පුරවැසියන් කියන්නෙ එහෙම මෝඩයන් නොවේ.

දැන් මාස හතරකට පහකට උඩදී පුරවැසියන් මුහුණ දි තිබු ආර්ථික සමාජීය ප්‍රශ්න වලින් යම් තරමකට හෝ මුදවාගෙන නිදහසේ හුස්මක් කටක් ගන්න හැකි තත්වයකට රටේ අර්බුද සමනය කරගත්තේ රටේ සුක්කානම රනිල් වික්‍රමසිංහ බය නැතිව බාර ගත් නිසාය. ඒ හැකියාව ඔහු විසින් දැනටම පෙන්වා තිබේ. එසේම ඔහුට රටේ අනාගතය ගැන සුබවාදී සහ ස්ථිරසාර අදහසක්ද තිබේ. ඒ වෙනුවෙන් වන සාර්ථක වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මකව පවතී.

හරිශ්ලාට සජිත්ලාට රට මහ අර්බුදයක් මුව විට තිබෙන විට රට බාරගන්න කියා කළ ආරාධනය මඟ හැර ගියේ තමන්ගේ බැරි කම නිසාය. පාර්ලිමේන්තුව තුළ මේ විපක්ෂයට වගකීම් රැසක් පවරා තිබුණත් තවම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කළ යෝජනා හැර මේ විපක්ෂයට ඊට වඩා හොඳයි කියා විසඳුම් ඉදිරිපත් කිරීමේ හැකියාවක් හෝ මෙතෙක් පෙන්වා නැත. හර්ශලා සජිත්ලා දේශපාලන වේදිකා මතට වී මෙවැනි ගොන් කතා කියව කියව ගියත් පාර්ලිමේන්තුවේදී රනිල් කියන කියන එකට, එකඟවීම හැර ඊට සාධාරණ සාධනීය විවේචනයක් හෝ කිරීමට සමත් වූයෙත් නැත. ඔව් සර් අපි එහෙම කරමු, ඒක තමා නිවැරදි ප්‍රතිපත්තිය කියා සිටියා හැර වෙනකක් කියනවා දැක්කෙ නැත. මේ අය ආණ්ඩු හැදුවත් කරන්න වෙන්නේ රනිල් කියන එකක්මය. එයින් පිටත පිස්සු කෙලීමක් හැර වෙනකක් බලාපොරොත්තු විය නොහැකි බව ඉතා පැහැදිලි දෙයකි.

කොහොම නමුත් විපක්ෂය මැතිවරණයක්ම ඉල්ලා කෑ ගසමින් තිබේ. ඒ තම පාර්ශ්වයේ ඔලුගෙඩි ගාන වැඩි කරගැනීම වෙනුවෙන්ම පමණි. කවර මැතිවරන්යක් පැවැත්වූවත් මේ අය බලයට ආව කියාත් පිස්සු කෙලිමක් හැර අඩුම තරමින් ජනාධිපතිවරයා ගෙන යන නිවැරදි වැඩපිළිවෙලට සහය වීමක් හෝ දෙනු ඇතැයි කල්පනා කළ නොහැක. මන්ද එහෙම රට ගැන ජනතාව ගැන වගවීමක් නොපෙන්වන නිසාය.

අද රටට අවශ්‍ය වී ඇත්තේ මෙහෙම පිස්සු කෙලින්නන්ගේ පාලනයක් නොවේ. පරිණත නායකත්වයකි. සාමුහික අභිලාශයකි. අද පුරවැසි ජනතාව රටේ සිදුවන්නෙ කුමක්ද යන අවබෝධයෙන් පසුවෙයි. බංකොලොත් කරපු රටක් යළි ගොඩගනිමින් සිටින්නෙ කවුද යන්න හොඳාකාරවම ඇස්පනා පිටම අත් දකිමින් තිබේ. මේ නිසා ජනාධිපති රනිල් රට ගොඩනැගීමට ගන්නා වෙහෙසට සහයක වන කණ්ඩායමක් ඔහුට සිටිය යුතු බවත් නැතිනම් නැවතත් රට විශාල කඩා වැටීමකට ලක් වීමේ අවධානම ඉතා ඉහළ බවත් ජනතාව අවබෝධ කරගනිමින් සිටී. විපක්ෂයේ මේ ගොං කතා නිසා ඒ අවබෝධයත් දිනෙන දිනම ජනතාව තවදුරටත් තහවුරු කරගනිමින් තිබෙන බවත් පැහැදිලිය.

ඊළඟට සජිත් ප්‍රේමදාසගේ සමාජ සුබසාධක වැඩපිලිවෙල ගැනත් මෙහිදී කතා කළයුතුය. ඔහු පාසල් ගානේ ගොස් බස් රථ පරිත්‍යාග කරයි. රෝහල් ගානේ ගොස් බෙහෙත්, වෛද්‍ය උපකරණ පරිත්‍යග කරයි. පන්සල් ගානෙ ගොස් මිල මුදල් ආධාර කරයි. දැන් මෙව්වා වෙන්නේ සජිත්ගේ පෞද්ගලික මුදලින්ද? දැන්ට බස් රථ හතලිස් ගන්නක් මෙසේ ලබා දී ඇත.

බස් රථයක අවම මිල රුපියල් ලක්ෂ 50 ක් ලෙස සැලකුවොත් දැන් රූපියල් කෝටි 20 ක පමණ ඒ වෙනුවෙන් වැය කර තිබේ. අනෙක් පරිත්‍යාග සලකා බැලු විට එවැනිම මුදලක් වැය කරමින් ඇති බවත් පැහැදිලිය. මේ මුදල් සජිත්ගේ බූදලයකින් කරනවා නම් කම් නැත. තමන්ගේ දේපොල ඉඩකඩම් විකුණමින් පවා සමාජ සේවය කළ දේශපාලකයන් අතීතයේ සිටියත් දැන් එහෙම දේශපාලකයෝ ඉන්නවා යැයි කවුරුවත් විශ්වාස කරන්නේ නැත. සජිත් ප්‍රේමදාස සතුව රාජ්‍ය මුදල් හොරකම් කිරීමකින් තොරව එහෙම මුදල් හෝ දේපොළ තිබෙන්නට විදිහක් නැති බවත් පැහැදිලිය. සිය පියාණෝ එහෙම ධනනිධානයක් පුතාණෝ වෙනුවෙන් රැස්කර පැනමා පේපර්ස්වලවත් දමා තිබුණාද කියන්න දන්නේ නැත.

කෙහොම නමුත් අප දන්නා කාලයේ සිටම සජිත් ප්‍රේමදාස වන අලින්ගේ ඡායාරුප ගන්නවා හැර වෙනකකට කළේ දේශපාලනයය. රස්සාවක් ව්‍යාපාරයක් කළේ නැත. මන්ත්‍රී වැටුපක් ඇමැති වැටුපක් හැර ඔහුට වෙනත් ආදායම් තිබුණේ නැත. ඔහුගෙ බිරිදගේ සැලූන් එකෙන් කෝටි ගනන් ආදායම් තිබෙන්නට විදිහකූත් නැත.අඩු තරමින් එදා වෙල පිරිමහ ගන්නවත් එම සැලුනයෙන් ආදායම් තිබෙනවාද සැක සහිතය, මන්ද කොණ්ඩයක් පීර ගන්නවත් ඒ සැලූනයට කවුරුවත් යනවාද යන්න වාර්තා වී නැති නිසාය.

කොහොම නමුත් මෙතැන දී හිතන්න වෙන කාරණය මේ සා විශාල ආධාර කරන්න මුදල් හදල් ලෝස් නැතිව වියදම් කරන්න කණ්ඩායමක් සජිත්ට සිටින බවය. මේ අය කවුද ? කුඩු ජාවාරම්කාරයන්ද? රටට අයිස් මත්ද්‍රව්‍ය ගෙන එන අයද? නැතිනම් අලුතෙන් බිහිවූ ආගමික කල්ලියක්ද ? ගාලුමුවදොර අරගලයට වියදම් කළේත් එහෙම ආගමික කල්ලියක් බවටත් චෝදනාවත් තිබේ. එසේත් නැතිනම් ඖෂධ මාෆියාවේ ජාවාරම්කරුවන් වැනි ජාවාරමුන් පිරිසක්ද ? රජ්‍ය දේපොල කොල්ල කමින් ධනය රැස්කළ වුණ්ද? කොහෝම නමුත් සාධාරණ ව්‍යාපාරයක් කරමින් රාජ්‍ය බදු ආදිය නිසි පරිදි කරමින් ආදායම් ලබන වුන්ට මෙහෙම දේශපාලකයකු වෙනුවෙන් මුදල් විසි කිරීමේ හැකියාවක් නැත. වුවමණාවක්ද නැත.

අනිවාර්යෙන්ම මේ කළු ආර්ථිකයක කෙරුම්කාරයන් විය යුතුය. එහෙම අය කරන්නේ එක්කො පවතින පාලනයට සම්බන්ධ දේශාපලකයන් වෙනුවෙන් ඇති පදම් මුදල් වියදම් කරමින් අයුතු ලාබ ප්‍රයෝජන ලබාගැනීමට උත්සහ කිරීමය. මේ කළු ආර්ථිකයේ ජාවාරම්කාර මාෆියාව දේශපාලකයකු වෙනුවෙන් මිලියනයක් වියදම් කළොත් මිලියන සිය ගනනක වාසියක් බලාගෙන මිස ඒ වියදම නොකරන බව පැහැදිලි කරුණකි. පවතින පාලනයෙ කෙරුමෙක් අල්ලගෙන ඒ වැඩේ කර ගන්න බැරි නම් කරන්නෙ ඒ පාලනය පෙරළා දමා තමන්ගේ වැඩේ කරගන්න පුලුවන් එකෙක්ව බලයට පත් කරගැනීමය. දැන් වෙන්නේ එහෙම දෙයක් විය හැකිය.

තමන්ගේ ජාවාරම්කාර ආර්ථිකය නඩත්තු කරගෙන යාමට හැකි තමන්ගේ වුවමණාවට නැටවිය හැකි දේශපාලකයකු බලයට පත් කරගැනීමට හැකි නම් මේ ජාවරමුන්ට මේ ලෝස් නැතිව කරන වියදම මාසයෙන් දෙකෙන් නැවත අත්පත් කරගත හැකිය. එමෙන් සිය ගුණයක හෝ ආදායම් ලැබිය හැකිය. පසුගිය ගෝඨා පාලන සමයේදී වැට් බදු සහ වෙනත් බදු සහන දී එක්තරා ජාවාරම්කාර ව්‍යාාපරිකයන් පිරිසකට බිලියන් ගනනින් හම්බ කරගැනීමට අවස්ථාව ලබා දුන් බව මේ විපක්ෂයම කළ චෝදනාවකි. එදා මේ ජාවරමුන් වෙනුවෙන් රටම පරදුවට තැබීමට සිදුව තිබිණි. රාජ්‍ය ආදායම එක් වසරක් තුළ රුපියල් බිලියන 600 ක් පමණ අහිමි කරගත්තේ මේ ජාවාරමුන්ට කරන්න ගොස්ය.

එනම් ඒ දෙවසර තුළ රජයට හිමි විය යුතුව තිබු රුපියල් බිලියන 1200 කට වැඩි මුදලක් මේ ජාවාරමුන්ට උපයා ගැනීමට ඉඩ කඩ ලබා දි තිබු බවය. ඒ නිසාම රට බංකොලොත් විය. අද පුරවැසි ජනතාව විඳින පීඩාවට හේතුව ජාවාරමුන්ගේ මනදොල සපුරාලීමට රටේ ආර්ථිකය හසුරුවන්ට යෑම බව පැහැදිලි කරුණකි. මේ බව හර්ශලා එරාන්ලා සජිත්ලාද තහවුරු කර කියන දෙයකි. නමුත් එහෙම කිව්වත් අද ඒ අයගෙන් වෙන්නෙත් ඒ දෙයමය. මේ නිසා තමන්ගේ ඇත්ත සඟවමින් අන් අයව විවේචනය කරමින් තම පාක්ෂිකයාවත් පුරවැසියාවත් රවටමින් සිටිනවාද කියන සැකය මතුවේ.

කොහොම වෙතත් සජිත්ලා බලයට පත් වූ විට කරන්නේ තමන් වෙනුවෙන් මුදල් වැය කළ වුන්ගේ අපේක්ෂාව අනුව ඔවුන්ට ඒ නැති වූ මුදල් වෙනුවෙන් කිහිප ගුණයක් හරි හම්බ කරගැනීමට හැකි ලෙස රටේ ආර්ථිකය වෙනස් කිරීමය. එය මුලිකම කරුණ කරගැනීමට සිදුවේ. හර්ශලා බස් රථ රියැදුරෙකුටත් රටේ ආර්ථිකය මෙහෙය විය හැකි බව කියන්නේ ඒ නිසාය. ජාවාරම්කාරයන්ට හරි හම්බ කරගැනීමට හැකි ලෙස අවස්ථා උදාකරදීමට ආර්ථික ඔතාර්ලා අවශ්‍ය නැත.

එක පෑන් පහරින් බදු කපා හැරීම කළ හැකිය. ජාවාරම්කාර හිතවතුන්ට කිසි වග විභාගයක් නැතිව ටෙන්ඩර් කොන්ත්‍රාත් ලබාදිය හැකිය. ඖෂධ ජාවාරම් කරයන්ට ඔන හැටියර ඖෂධ ගෙන්වා ඔවුන් නියම කරන මුදලකට විකිණීම සිදුක්රන්න දිය හැකිය. කුඩු ජාවාරම් වලට ඉඩ කඩ සලසා දිය හැකිය. ආගමික කල්ලි වලට රටම අල්ලන්න ඉඩ ලබා දිය හැකිය. රාජ්‍ය දේපොල කල්ල කා ගැනිමට අවස්ථා සකසා දිය හැකිය. අද රට රවටමින් කරන මේ ඊනියා සමාජ සුබ සාධන වැඩ වල අවසානය ඇත්තේ යළිත් රට බංකොලොත් කරන තැනය.

අද දූෂණයට වංචාවට එරෙහි වෙනවා කියමින් කොච්චර කෑ ගැසුවත් කළු ආර්ථිකයකට ඉඩක් සකසා දීමෙන් තොරව සජිත්ලාගේ පාලනයක් ඇති වෙන්න ඉඩක් තිබිය නොහැක. එහෙම කියන්නේ සජිත්ලාට රටේ අර්ථික අර්බුද විසන්දන්න කිසිදු වැඩ පිළිවෙලකුත් නැති නිසාය. රටේ ඩොලර් ප්‍රශ්නය විසඳන්න සජිත්ගේ යෝජනාව රාජපක්ෂලා රටෙන් හොරකම් කර විදේශයන්ගේ සඟවා ඇති මුදල් හොයාගෙන එය සිදු කළ හැකි බව පැවසීමය. එහෙත් අඩුම තරමින් රාජපක්ෂලා එලෙස මුදල් හොරකම් කරගෙන ගිය බවට කිසිදු සාක්ෂියක් හෝ සජිත් මේ දක්වා ඉදිරිපත් කර නැත.

පසුගිය යහපාලන කාලයේදී මේ හොරකම් වංචාවන් ගැන නඩු පවරා තිබිණි. එම නඩු විභාගකර අවසන් වූයේ නැත. එමෙන්ම ගෝඨා පාලන සමයේදි අභුත හේතු අධිකරණයට ඉදිරිපත් කර ඔවුන් ඒවායෙන් නිදහස් වීමටද කටයුතු කර තිබිණි. ඒ අනුව පැහැදිලි වෙන අනෙක් කාරණාව නම් මේවා සජිත් කියන විදිහට දවසෙන් දෙකෙන් විසඳා ගත හැකි ගැටළු නොවන බවය. අවුරුදු ගනන් දිග ඇදෙන නඩුය. හොරකම් කළ මුදල් විදේශයක සඟවා ඇති බව ඔප්පු වුණත් ඒවා නැවත ලබාගැනීමේ ක්‍රමයක් නීතියක් තිබිය යුතුය. ඒවාට ජාත්‍යන්තර මැදිහත් වීමක් තිබිය යුතුය.

නමුත් එවැනි මෙහෙයුම් සාර්ථක වීමක් ගැන ලෝකයේ උදාහරණ නැත. මේ නිසා සජිත් විසඳුම් නොකෙරෙන වෙදකමට කොඳුරු තෙල් හත් පට්ටයුත් ඕනෑ කියන්නා වගේ දෙයකට වඩා දෙයක් වන්නේ නැත. ඒ නිසා සජිත්ලාගේ ආණ්ඩුවකදී ජනතාවට දෙවියන්ගේම පිහිටයි කිය කියනවා හැර කියන්න දෙයක් ඉතුරුවන්නේ නැත.

ඩොල්ර ප්‍රශ්නය විසඳා රටේ ආර්ථිතය ගොඩගැනීමේ මූලිකම අවශයතාවය ගැනවත් හරි හමන් උත්තරයක් සජීලාට හර්ෂලාට රට අභ්‍යන්තරයේ ආර්ථික සමාජීය ගැටළු විසදීම ගැන නරිවාදන් හැර වෙනකක්ද නැත. ජවිපෙ නැතිනම් ජාජබය ගත්තත් මීට දෙවැනි නැත.

රට හමුවේ ඇති සියලු අර්බුදයයන් විසඳීමේ මගක් යෝජනා කර ක්‍රියාත්මක කිරීමේ හැකියාව ප්‍රයෝගිකවම පෙන්නා එය යම් සාර්ථ්කත්වයක් කරා ගෙන යමින් තිබෙන එකම දේශපාලන නායකත්වය රනිල් වික්‍රමසිංහ පමණක් බව අද පෙනෙන දෙයය. රනිල් හැර වෙන උත්තරයක් මේ මොහොතේ රටේ නැත. ඒ සක් සුද්ක සේ පැහැදිලි ඇත්තකි. මේ නිසා ඉදිරි මැතිවරණයකදී බස් රථ රියැදුරු මහතෙකුට හෝ කොන්දොස්තර මහතකුට රට බාර දෙනවාද නැද්ද කියන එක පුරවැසි ජනතාව කරනු ඇත. එය වඩාත් පහසු කරන හේතුසාදක බොහොමයක් ද දැනටමත් තිබේ.

රනිල් තවම රට ගොඩගත්තේ නැත. ඔහු මේ කරමින් සිටින්නේ මහා ප්‍රපාතයකට ඇද වැටෙමින් තිබූ රට අතරමඟ නවතා ගැනීම පමණය. ඒ අතර එතැනින් ගොඩ ඒමට අවශ්‍ය වැඩපිලිවෙල, ඊට අවශ්‍ය උපාය උපක්‍රම, උපකරණ සහ ඊට අවශ්‍ය පිරිස් සහය ඒකරාශි කිරීම සිදු කරමින් තිබේ. රනිල් විපක්ෂයෙන් ඉල්ලා සිටියේ ඊට සහය ලබා දෙන ලෙසය. එහෙම සාමුහික ප්‍රයත්නයකින් මිස රට යළි ගොඩගැනීමේ හැකියාව දුරස් බව ජනාධිපතිවරයා නිරන්තරයෙන්ම හඬගා පවසන දෙයකි. ඊට සහය දෙනවා මිස විපක්ෂයට රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මේ මොහොතේ කළ හැකි වැදගත් කිසිවක් නැත. එකතු වී බස් එක ගොඩගත්තොත් හර්ෂටත් සජිත් සමඟ එහි ගමන් කළ හැකි වෙනු ඇත. හොඳ රියැදුරු පුහුණුවකුත් ලැබිය හැකි වෙනු ඇත.

-ඝෝෂක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *