සම්පන්දන්ගේ දේහය පාර්ලිමේන්තුවට ගෙන එයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු (03) පාර්ලිමේන්තු සංකීර්ණයේදී හිටපු විපක්ෂ නායකවරයකු සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක අභාවප්‍රාප්ත රාජවරෝදයම් සම්පන්දන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුද දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්විණ.