ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ නව පුහුණුකරු සනත් ජයසූරිය

හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ද වන සනත් ජයසූරිය මහතා එළඹෙන ඉන්දීය සහ එංගලන්ත සංචාරවලදී ශ්‍රී  ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කරන ලදි.