රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආරක්ෂාව දැඩි කෙරේ

මෙරට සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ප්‍රජාව හා  රජයේ විශ්වවිද්‍යාලවල ආරක්ෂාව සඳහා විශ්වවිද්‍යාල අවට විශේෂ පොලිස් ආරක්ෂාව ලබාදීමට  පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

විශ්වවිද්‍යාල පරිශ්‍ර ආශ්‍රිත ප්‍රදේශවල ද ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා  ලෙස ද අධ්‍යාපන ඇමැතිවරයාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඊයේ (24දා) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබුණි.