සියෙරා ලියොන් හි ජනාධිපති ජුලියස් මාඩා බයෝ, ශ්‍රී ලංකාවේ Browns Investments Ltd සියෙරා ලියොන්හි සිදුකරන ආයෝජන අගය කෙරේ

අප්‍රිකාවේ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික කටයුතු තවදුරටත් සිදුකිරීමේ අරමුණ ඇතිව, තානාපති කනනාදන් පසුගියදා සියෙරා ලියොන් හි ෆ්‍රීටවුන්හිදී ජනාධිපති ජුලියස් මාඩා බයෝ සමඟ වැදගත් හමුවක් පවත්වන ලදි.

ජනාධිපති බයෝ විසින් 2023 ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙස තානාපති කනනාදන් දැක්වූ දායකත්වය සහ ශ්‍රී ලංකාව සහ සියෙරා ලියොන් අතර රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ඔහු කළ කැපවීම පිළිබඳව ප්‍රශංසා කෙරින.

 මෙම අවස්ථාවේදී  ඔවුන් අතර ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා නව ආර්ථික ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා පැවැත්විණි.