Silver tips තේ වගාව ගෘහාශ්‍රිත කර්මාන්තයක් ලෙස හඳුන්වාදීමට පියවර

මිල අධිකම තේ වර්ගයක් වන Silver tips තේ වගාව ගෘහාශ්‍රිත කර්මාන්තයක් ලෙස හඳුන්වාදීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එහි සමාරම්භක අවස්ථාව පසුගිය 19 වැනිදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කටුවනදී ආරම්භ කෙරිණි.

වලස්මුල්ල සහ ඔකේවෙල ප්‍රදේශවල පවුල් 300ක ගෘහිණියන් තෝරාගෙන ඔවුන්ට තේ පැළ සහ වගාව සඳහා අවශ්‍ය උපකරණ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියෙන් එහිදී දෙන ලදි.