දේශ­ගු­ණික විප­ර්යාස-පාරි­ස­රික අභි­යෝග ජය­ගැ­නී­මේදී ශ්‍රී ලංකාවේ දාය­ක­ත්වය සිංග­ප්පූ­රුවේ ඇග­යී­මට පාත්‍ර වෙයි

ඉකුත් 07 වැනිදා පරි­සර හා තිර­සර අමා­ත්‍යාං­ශ­යේදී සිංග­ප්පූ­රුවේ ශ්‍රී ලංකා මහ කොම­සා­රිස් සෙන­රත් දිසා­නා­යක මහතා සහ සිංග­ප්පූ­රුවේ පරි­සර හා තිර­සර ඇමැති සහ වෙළෙඳ සබ­ඳතා ඇමැති ග්‍රේස් ෆු හයි යින් මහ­ත්මිය අතර හමු­වක් සිදු විය.

මෙහිදි දේශ­ගු­ණික විප­ර්යාස සහ හරිත ආර්ථි­කය සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකාවේ වැඩ­පි­ළි­වෙළ සැකෙ­වින් පැහැ­දිලි කළ මහ කොම­සා­රි­ස්ව­රයා විශේ­ෂ­යෙන් ඉන්දීය සාග­රය සහ නිව­ර්තන කලා­පයේ දේශ­ගු­ණික විප­ර්යා­ස­ව­ලට එරෙ­හිව ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති ප්‍රමුඛ ක්‍රියා­මාර්ග පිළි­බඳ විස්තර කළේය.