ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහය දෙනවා – ශ්‍රිලනිප නායක කියයි

අද විවාදයට ගනු ලබන දේශිය ණය ප්‍රතිව්‍යුහගතකිරිමේ යෝජනාවට පක්ෂයක් ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහය ලබාදෙන බවට එම පක්ෂයේ නායක ‌පාර්ලිමේන්තු මන්ත්‍රි මෛත්‍රිපාල සිරිසේනගේ අත්සනින් යුතුව නිකුත් කල නිවේදනයක් අප වෙත ලැබී ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ ආණ්ඩුව විසින් ගෙන එනු ලබන සියල්ලටම රැල්ලට විරුද්ධවීම වෙනුවට එම යෝජනා අධ්‍යයණය කර ඊට වඩා යහපත් විකල්පයන් වර්තමාන විපක්ෂයට ඇතිනම් පමණක් ඒ සදහා විරුද්ධවීමේ පාඩම විපක්ෂය දැන් හෝ ඉගෙන ගත යුතු බවයි.