අධ්‍යාපනය නංවන්න විදෙස් සරසවි සමග ගිවිසුම් හයක්

0

උසස් අධ්‍යාපනික සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙරට විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාල සහ නියෝජිතායතන අතර ගිවිසුම් හයකට එළඹීමට රජය තීරණය කර තිබේ.

සබරගමු විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ සැල්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්, යාපනය විශ්වවිද්‍යාලය සහ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය හා සිංගප්පූරු සෞඛ්‍ය සේවා පෞද්ගලික සමාගම අතර ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුමක්, රුහුණු විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ හා උතුරු අයර්ලන්තයේ දකුණු සෞඛ්‍ය Nhs භාරය අතර අවබෝධතා ගිවිසුමක්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ චීනයේ tomorrow rechnology education service centre අතර අවබෝධතා ගිවිසුමක්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ චෙක් ජනරජයේ තෝමස් බාටා විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය සහ ඉතාලියේ නේපල්ස් ෆෙඩ්‍රිකෝ II විශ්ව විද්‍යාලය අතර ගිවිසුමක් අත්සන් තැබීමට නියමිතය.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *