අපිට හොඳ තැනකට යන්න පුළුවන් වේවි -වැඩබලන මුදල් ඇමති

0

ආර්ථිකය ඍණවීමට බලපා ඇති කරුණු පිළිබඳව රජය වැඩි අවදානයක් යොමුකර ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ඉදිකිරීම් සහ මූල්‍ය සේවා අංශවල වර්ධනය පිළිබඳ වැඩි වශයෙන් අවදානය යොමුකර ඇති බවය.

මේ වසරේ පළමු කාර්තුවට වඩා දෙවන කාර්තුවේ දී ආර්ථිකයේ හැකිළීම අඩු මට්ටමක පවතින බව ද රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා සඳහන් කළේය.

අපිට ධණාත්මක බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන් 11.5ක් පළමු කාර්තුවේ ඍණවීම 3.1කට දෙවන කාර්තුවේදී අපිට යන්න පුළුවන් වුණා. ඒ වගේම මේ ඍණවීම්වලට බලපාන කරුණු කෙරෙහි දැන් රජය අවධානය යොමුකරලා කටයුතු කිරීම තුළ. දැන් අපි බලමු ඉදිකිරීම් කර්මාන්තයේ තමයි වැඩිම අඩුවීම සිදුවෙලා තියෙන්නේ. කර්මාන්ත ක්ෂේත්‍රයට,මේ දිනවල රජය විශාල වෙහෙසක් දරනවා මේ ඉදිකිරීම් ද්‍රව්‍ය පුළුවන් තරම් සුලභ කරලා මිල අඩුකිරීම කෙරෙහි. එහි ධණාත්මක බලපෑම අපිට ඉදිරියේදී බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම මුල්‍ය සේවා අංශය මේ බැංකු කටයුතු සංකෝචනය වෙන්න ප්‍රධාන වශයෙන් බලපාපු කරණුක් තමයි පොලී අනුපාතය. මහ බැංකුව මැදිහත් වෙලා දිගින් දිගටම ගන්න පොලිය අඩුකිරීමට දරන වෑයමත් එක්ක ඒ අංශයත් අපිට ඉදිරියේදී වර්ධනාත්මක තත්ත්වයක් බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම ආහාරපාන සහ නවාතැන් කියන අංශයේ ධණාත්මක තත්ත්වය තවත් ධණවීම විශේෂයෙන් මේ සංචාරකයින් පැමිණීම වැඩිවීමත් එක්ක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අනුව, අපිට මේ වර්ශයේ පළවෙනි කාර්තුවට වැඩිය දෙවන කාර්තුව යම් තැනකට ඇවිල්ලා තියෙනවා. තුන්වෙනි කාර්තුව සහ හතරවෙනි කාර්තුව ඊට වඩා හොඳ තැනකට යන්න අපිට හැකිවේවි කියලා අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *