පොලිස්පතිවරයා සම්බන්ධ ගැටලුව කථානායක-අගවිනිසුරු එක්ව විසඳා දිය යුතු බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හෝමාගමදී  පවසයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෝමාගම බස්නැවතුම් පොළ පරිශ්‍රයේදී ඊයේ (28) පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ කොළඹ දිස්ත්‍රික් විගමනික හරසර වැඩසටහනට එක් වෙමින් පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව කථානායක සහ අගවිනිසුරු සාකච්ඡා කර සතියක් තුළ නිරාකරණය කරගත යුතු බව පැවැසීය.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර 21 දින ජනපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසන බවද, ජනතා පරමාධිපත්‍යයේ කොටසක් මැතිවරණ අයිතිය උල්ලංඝනය වීමට ඉඩ නොතබන බවද පැවසීය.