මලල ක්‍රීඩා කණ්ඩායම ප්‍රංශය කරා

33 වැනි ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සදහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන්   (24)දා පිටත්ව යන ලදි.

මෙරට  මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින්  තරුෂි කරුණාරත්න , දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන ප්‍රංශය වෙත පිටත්ව යාමට  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ඒ අනුව  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලිය සදහා සහභාගී වන මලල ක්‍රීඩකයින් තිදෙනකු , පිහිනුම් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ එක් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු ද නිලධාරීන් 06 දෙනෙකු ද ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම්  සමන් කුමාර ගුණවර්ධන  මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී ප්‍රකාශ කරන ලදි .