ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා ගිවිසුමකට එළැඹීමේ සූදානමක්

කිරිගව කර්මාන්තය සඳහා ඉතා උසස් තාක්ෂණයක් භාවිතා කරන බ්‍රසීලයේ එම තාක්ෂණික සහයෝගීතාවය ලබා දීම සඳහා ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා ගිවිසුමකට එළැඹීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

බ්‍රසීල සහයෝගිතා ඒජන්සිය හෙවත් ABC- Agency for Brazilian Cooperation හි නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී මෙි පිළිබඳව සාකච්ඡා කළේය.

මෙම නියෝජිත පිරිසට ශ්‍රී ලංකාවේ බ්‍රසීල නියෝජ්‍ය මහකොමසාරිස් Monica Nasser  බ්‍රසීලයේ Federal University Vicosa හි සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය Odilon Gomes Pereira, ABC හි නියෝජිත Andrea Von Rakiwisthe Tillmann, හා Nelci Peres Caixeta යන නියෝජිත පිරිස මෙන්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහ වෛද්‍ය නිරෝෂන් ගමගේ යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

බ්‍රසීල තාක්ෂණික සහයෝගිතා ඒජන්සිය මගින් ලබා දීමට නියමිත තාක්ෂණික සහයෝගිතාවන් සඳහා සත්ව පෝෂණය, සත්ව අභිජනනය, ගොවිපල පරිපාලනය හා කළමනාකරණය මෙන්ම කිරි ප්‍රවාහණය, ගබඩා කිරීම හා කිරිවල ප්‍රමිතිය පවත්වාගෙන යාම  යන කරුණු වලට අදාලව සිදු කෙරේ.