යුද හමුදාවේ 74 වැනි සංවත්සරය අද

0

පනාගොඩ කඳවුරේදී සැමරුම් උත්සවයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය අද (10)ට යෙදී ඇත. ජාතියේ ආරක්ෂකයන් ලෙසින් ජනතා ගෞරවාදරයට පත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 1949 ඔක්තෝබර් 10දා මෙරට ස්ථාපිත කර ඇත.

එදා මෙදා තුර මාතෘ භූමියට එරෙහිව එන ඕනෑම අභියෝගයකට නොසැලී මුහුණදී ජය ගැනීමේ ශක්තිය යුද්ධ හමුදාව සතුය.

විශේෂයන්ම තිස් වසරක් පුරා පැවති කුරිරු යුද්ධයේදී කොටි ත්‍රස්තවාදය 2009 වසරේදී මුළුමනින්ම පරාජයකර සමස්ත ශ්‍රී ලංකාවාසි ජනතාවට පූර්ණ නිදහස ලබාදීමට යුද්ධ හමුදාවට හැකි විය. ඒ වගේම ජාතික ආපදාවන්හිදී ජනතාවගේ පිහිටට එන මේ අභිමානවත් මිනිසුන් මේ මොහොතේදීත් දකුණේ ගංවතුරින් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසමින් සිටීම විශේෂත්වයක්.

ලොව සිටින නිර්භීත මෙන්ම විනයගරුක මානව දයාවෙන් පිරිපුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පසුගිය මානුෂිය මෙහෙයුමේදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොටි ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා කරන ලද විශ්මිත විජයග්‍රහණය සමස්ත ජනතාවගේ හදවත් තුළ අදත් නොමැකී පවතී.

කොවිඩ් 19 වසංගත සමයේදී එම ව්‍යසනයෙන් ජනතාව බේරාගැනීම සඳහා යුද්ධ හමුදාව කළ මෙහෙවර මිල කළ නොහැකිය. ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙවරත් 74 වැනි සංවත්සර සැමරුමට සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිය අභිමානවත් සැමරුම් සිදුකළ අතර, මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදූ හා රණක්ෂිතයට පත් විරෝදාර රණවිරුවන් ඇතුළු සමස්ත යුද්ධ හමුදාව මේ මොහොතේ සිහිපත් කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *