මෙවර ආසියානු මල්ලවපොර ශූරතා තරගාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව පළදියි

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට තායිලන්තයේ පැවැති ආසියානු මල්ලවපොර ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී එහි වයස අවුරුදු 20 න් පහළ කිලෝ ග්‍රෑම් 53 බර පංතිය යටතේ තරග කළ පෝරුතොටගේ නෙත්මි අහිංසා ප්‍රනාන්දු ක්‍රීඩිකාව, මෙම කාණ්ඩය යටතේ ලෝකඩ පදක්කම දිනා ගෙන ඊයේ (24 දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

ආසියානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කගේ පමණ සහභාගිත්වයෙන් මෙම තරගාවලිය ඉකුත් 16 දා සිට 24 දා දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණි.