ශ්‍රී ලංකාව කොදෙව් දේශයේදී අභිමානය රැක ගනී. නෙදර්ලන්තයට එරෙහිවත් පහසු ජයග්‍රහණයක් ලබාගනී.

පන්දු වාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පළමු වරට ලකුණු 200 සීමාව ඉක්මවා ගිය මෙරට ක්‍රිකට් කණ්ඩායම මූලික වටයේ ඊයේ (17 වැනිදා) තමන් මුහුණ දුන් අවසන් තරගයේදී නෙදර්ලන්තය පරදා  ලකුණු 83ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

එසේ ම බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සෙන්ට් ලුසියාහි ඩැරන් සැමී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 201 ක් ලබා ගත් අතර නෙදර්ලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩකයෝ  ලකුණු 118 කට දැවී ගියහ.