නැඟෙනහිර මහා සංස්කෘතික මංගල්‍යයට මාර්ගය සකසා දීම විශාල පුණ්‍යකර්මයක් බව සේරුවිල මංගල රජමහා විහාරාධිපති අලුදෙණියේ සුබෝධි නාහිමි පවසයි

ඓතිහාසික සේරුවිල මංගල රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන නැඟෙනහිර මහා සංස්කෘතික මංගල්‍යයට මාර්ගය සකස් කර දීම විශාල පුණ්‍යකර්මයක් බව විහාරාධිපති අලුදෙණියේ සුබෝධි හිමියෝ ප්‍රකාශ කරන ලදි.

මේ බව උන් වහන්සේ ප්‍රකාශ කරන ලද්දේ  ඓතිහාසික සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ පෙරහර මාවත කාපට් අතුරා නවීකරණය කර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය  පැවැත්විණි.