විදු­ලි­බල හා බල­ශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනු­රුද්ධ ‘‘ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීමේ කට­යුතු සාර්ථක වීම බල­ශක්ති ක්ෂේත්‍ර­යට ශක්ති­යක්“බව පවසයි

විදු­ලි­බල හා බල­ශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනු­රුද්ධ මහතා  ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීමේ කට­යුතු සාර්ථක කර ගැනීම බල­ශක්ති ක්ෂේත්‍ර­යට ශක්ති­යක් බව පැවසීය.

ඊයේ (04) මේ බව විදු­ලි­බල හා බල­ශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනු­රුද්ධ මහතා සඳ­හන් කළේ ‘ස්ථාවර රට­කට සැවොම එක මඟ­කට’ මැයෙන් ජනා­ධි­පති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවති ප්‍රවෘත්ති සාක­ච්ඡා­වට එක්වෙ­මිනි.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ රාජ්‍ය ඇමැ­ති­ව­රයා. ‘‘මෙලෙස ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීමේ කට­යුතු සාර්ථක කර ගැනීම හේතු­වෙන් පසු­ගිය අර්බුද සමයේ ඇන­හිට තිබූ බල­ශක්ති ක්ෂේත්‍ර­යට සම්බන්ධ ව්‍යාපෘති යළි ක්‍රියා­ත්මක කිරී­මට හැකි වෙනවා. එය බල­ශක්ති අර්බු­දය විස­ඳා­ගැ­නී­මට මහත් පිටු­ව­හ­ලක් වෙනවා.“ යැයි ද පැව­සීය