ඉබි යතුරු දැමීමට එරෙහිව සිරිපාලට සිතාසි

ඊයේ (16දා)මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය කොළඹ 10 ටී.බී. ජායා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් ජනතා සන්ධානයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කාර්යාල පිහිටි ගොඩනැඟිල්ල පසුගිය 5 වැනිදා ඉබි යතුරු දමා වසා දැමීම පිළිබදව, ලබන 19 වැනිදා අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට සිතාසි යැවීමට, නියෝග කරන ලදි.