පොලිස් සුනඛ කොට්ඨාසයට නව සාමාජිකයන් 13ක්

පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ කන්ඩායම සඳහා අලුතින්ම එක්වූ ගැබ්බර සුනඛ ධේනුවන් දෙදෙනකු  පැටවුන් 13 දෙනෙකු ප්‍රසූත කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මෙසේ පැටවුන් බිහිකර ඇත්තේ  ඉකුත් 05 දා නෙදර්ලන්තයෙන් මෙරටට ගෙන්වූ Belgian Malinois, German Shepherd, English Springer Spaniel වර්ගයේ නිල සුනඛයන් 35 දෙනා අතර සිටි English Springer වර්ගයේ ටෙන්පර්ඩ් සහ ලියා යන ගැබ්බර සුනඛ ධේනුවන් දෙදෙනා විසිනි.

මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ මූලස්ථානයේදී උපත ලද මෙම පැටවුන් මෙන්ම සුනඛ ධේනුවන් දෙදෙනා පොලිස් නිල සුනඛ කොට්ඨායේ පශු වෛද්‍ය අමල් දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත.