‘‘තාරා දෙව්දුව’’ නැවතත් මෙරටට

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා දැනට එක්සත් රාජධානියේ කෞතුකාගාරයක තිබෙන මෙරටට අයත් පුරාවස්තුවක් වන තාරා දෙව්දුවගේ පිළිමය නැවත ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව පැවසීය.

මේ බව ජාතික පුරාවිද්‍යා දිනය නිමිත්තෙන්  පැවති පුරාවිද්‍යා සමුළුවේ සමාරම්භක උත්සවයෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කරන ලදි.

මෙරටින් කොල්ලකන ලද පුරාවස්තු නැවත ලබා දීම සම්බන්ධයෙන් නෙදර්ලන්ත රාජ්‍යයට ස්තූතිවන්ත වන බවද එම පුරාවස්තු වල දෙවන කොටසද ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා එහිදී  පවසන ලදි.