තරූෂී හොඳම කාලය වාර්තා කරමින් රන් පදක්කම දිනයි

0

චීන තායිපේ විවෘත මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර අරුණ දර්ශන සහ තරුෂී කරුණාරත්න මීටර් 400 ඉසව්වේ ආධිපත්‍ය පතුරවමින් ප්‍රථම ස්ථාන දිනා ගත්හ.

මේ අතර වාරයේ දී කාන්තා මීටර් 800 ඉසව්ව මිනිත්තු 2.05.74 කින් නිමා කරමින් පළමු ස්ථානය තහවුරු කර ගැනීමට තරුෂී කරුණාරත්නට ඊයේ (02දා) හැකියාව ලැබිණි.

පෙරේදා (01දා) දින මීටර් 400 ජයගත් තරුෂී කරුණාරත්න ඊයේ තම ප්‍රියතම ඉසව්ව ජය ගත්තේ තරග ආරම්භයේ සිටම පෙරමුණ ගනිමින් වීම කැපී පෙණුනි.

වර්ෂාව හේතුවෙන් තෙත බරිතව තිබුණු ධාවන පථය තුළ ඇය දැක්වූ සටන්කාමීත්වය ප්‍රශංසනීයය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *