ජනපතිගේ කතාවෙන් මැතිසබය උණුසුම් වෙයි – උසාවි තීන්දුවට තේරීම් කාරක සභාවක් ඉල්ලයි

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා  ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව පාර්ලිමේන්තුවේ දී ඊයේ (18 දා) අභියෝගයට ලක්කරමින් එම තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව ප්‍රකාශකරන ලදි.

 එ‍ෙස් පත් කෙරෙන තේරීම් කාරක සභාව සඳහා  බහුතරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් පත් කරන ලෙස ද හෙතෙම යෝජනා  කරන ලදි.