ඡන්ද දෙකකට මැතිවරණ කොමිසම සූදානම් වෙයි

පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවුවහොත් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට හැකියාව ඇතිබව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.එය එකම දිනක නොව වෙන වෙනම දින දෙකකදී පවත්වන බව ද ඒ මහතා සඳහන් කරන ලදි.