ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට පැමිණෙයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා   මෙරටනිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා  මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට නියමිතය.

එසේම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා  මෙරට විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා  විදේශ කටයුතු අමාත්‍යංශයේ දී හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව ද පැවසේ.