පදක්කම් දිනුවෝ පැමිණෙති

0

21 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනාගෙන ඊයේ (29දා) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ.මෙම තරගාවලිය ඉකුත් 24 – 27 දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ පවත්වා තිබුණි.

මෙම තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17 දෙනෙකු එක් වී සිටි අතර ඉන් දෙනෙකුම පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබූ අතර ඉතිරි සිව්දෙනාත් ඔවුන් තරග කළ ඉසව්වල හතර වන, පස් වන සහ හය වන ස්ථාන දිනා ගැනීමට සමත් වී තිබුණි.

මෙම ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා වයස අවුරුදු 20 න් පහළ රටවල් 34 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වී සිටි අතර එහිදී තුන් පිම්ම ගැහැනු සහ මීටර් 100×4 පිරිමි සහාය දිවීම ඉසව්වෙන් වාර්තාවක් තබමින් රිදී පදක්කම් 02 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *