ජනාධිපතිතුමන් සම්පන්තන්ට ශෝකය පළ කරයි

ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් ආර්. සම්පන්දන් සෑම විටම නොසැලී පෙනී සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ බව ජනාධිපතිවරයා  දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරමින් පවසන ලදි.

සම්පන්දන් මහතාට බලය බෙදිය යුතු ආකාරය පිළිබඳ ඔහුගේම වූ මතයක් තිබූ බව කී ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ඔහු ප්‍රමාණවත් වැඩ කොටසක් ඉටුකළ බව පැවසීය.

ආර්. සම්පන්තන් මහතා වෙනුවෙන් කළ හැකි ඉහළම කර්යය වන්නේ ඒ වැඩකටයුතු සාර්ථකව අවසන් කිරීම බවද ජනාධිපතිවරයා  මෙහිදි සඳහන් කළේය.