ජනපති දළදා සමිඳු වැඳ පුදා ගනීයි

අද (27) උදෑසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ.