පොල් පොහොර මිල බසී

රාජ්‍ය පොහොර සමාගම කුරුඳු, තේ හා පොල් යන වැවිලි භෝගවලට භාවිතා කරන කිලෝ 50ක පොහොර බෑගයක මිල රුපියල් 1500 සිට රුපියල් 2000 දක්වා වූ මුදලකින් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි මෙලෙස පොහොර මිල අඩු කිරීමට පියවර ගත් බව සඳහන් කළේය.

ඊට අමතරව එම සමාගම විසින් නිෂ්පාදනය කරන සෑම පොහෙර වර්ගයකම මිල මෙටි්‍රක් ටොන් 01ක් සඳහා රුපියල් 5000කින් අඩු කිරීමට ද කටයුතු යොදා තිබේ.  කුරුඳු, තේ සහ පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පොහොර භාවිතය ඉහළ නැංවීමේ අරමුණෙන් මෙම පියවර ගන්නා ලද බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරන ලදි.