ගිං ගඟ පිටාර ගැලීමෙන් පහත් බිම් රැසක් යටවේ

0

ධාරාණිපාත වර්ෂාවත් සමග ගිංගඟ පිටාර ගැලීම නිසා ගිංගඟ ඉහළ නිම්නයේ හා පහළ නිම්නයේ පහත්බිම් ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 ඊයේ (02දා) උදෑසන 9.00 වනවිට ගිංගඟේ බද්දේගම ජල මාපකයේ ජල මට්ටම මීටර් 4.22 දක්වා වැඩිවී ඇති අතර මේ වනවිට බද්දේගම ප්‍රදේශයට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබේ.

 එමෙන්ම ගිංගඟ ඉහළ නිම්නයේ තවලම ජල මාපකයේ ජල මට්ටම ඊයේ පෙරවරු 9.00 පමණ වන විට මීටර් 7.44 දක්වා වැඩි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *