හයවෙනිදා  රුහුණු මංගල්‍යය ඇරඹෙයි

මෙම මස (06)දා ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර ඇසළ පෙරහර මංගල්‍යය අති උත්කර්ෂමත් අයුරින් ආරම්භ කරන බව දේවාලයේ බස්නායක නිලමේ  ඩිෂාන් ගුණසේකර මහතා පවසයි. 

පෙරහර මෙවර උදාවී ඇති නැකැත් අනුව දින 16 ක් පුරාවට පැවැත්වීම විශේෂ සිද්ධියකි.

පෙරහැර ජුනි(06) යින් ඇරඹී  ලබන 21 දින මහ පෙරහැර පවත්වා 22 දින මැණික් ගඟේ දිය කැපීමෙන් පසු නිමාවට පත්වනු ඇත.