ජනපතිවරණය මිස වෙන මැතිවරණ නෑ

0

Ballot box with national flag on background - Sri Lanka

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

නමුත් විපක්ෂය පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට රජයට බලකරමින් මේ මොහොතේදී රජයේ සංවර්ධන කටයුතු පිළිබඳවත් රටට වැරදි මතයක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කීය. 

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා  මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ  මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *