තිස්ස අත්තනායක රිය අනතුරකට ලක්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ජාවත්ත මාර්ගයේ සළුසල අසලදී අනතුරකට ලක්වී ඇතිබව නාරාහේන්පිට පොලිසිය සදහන් කරයි.

මෙම අනතුරින් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු  තුවාල ලබා ඇත .

මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

තුවාල ලැබූවන් අතර මෝටර් රථයේ රියදුරු සහ මගියෙකු ද වේ.

ඔවුන් තිදෙනාම නාරහේන්පිට  ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.