කොළඹ මහල් නිවාසවල පදිංචි අටදහසකට ලබන මස හිමිකම් ඔප්පු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අයවැයේදී කොළඹ මහල් නිවාස හිමියන් 50,000කට නිවාස හිමිකම් ඔප්පු ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කරන ලදි.

ඒ අනුවකොළඹ මහල් නිවාස හිමියන් 8000කට ලබන මාසයේ සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

 එයට අමතරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ද ඔප්පු 1,070ක් ලබාදීමට සැලසුම්කර තිබෙන බවද ඇමැතිවරයා  කියා  සිටී.